වෙලී අපි ආදරෙන්
බොහෝ කල් ගත වුනත්,
උබේ ඔය වෙස් මුහුන
ගැලවුනේ කල් ගිහින්...
පවසමින් වස්,දොස්
ගොඩනැගුණු ඒ සුවේ
කෙලෙස අමතක කරම්ද,
මත් වුනිය ප්රේමයෙන්...
සැලවුනේ පසු කලෙක
නොවුනමුත් විශ්වාසෙ
පවු උබේ පතිනියද
ඇති දරුවනුත් අසරනව...
නොදැනයි වුනෙ හාද
නවතිමු දැන් මෙතන
නොවෙමි මම ගින්දරක්
අළුවෙන්න පවුලක්...
.
.
.
නිශා