Sunday, April 20, 2025
Follow Us
වියපත් සිතකින්
තිබුනෙ නෑ අපිට පෝන් කෑලි
යවන්නට කොටලා හාට් කෑලි
ලැබුනෙ නෑ දුක් විඳින බූට් කෑලි
ලියවුනෙත් නැහැ අපිට පල් හෑලි...
ආදරේ වැඩිකමට උබල අද
නිදන්නෙත් පෝන් එක උඩ නේද
සිනහා රැල් බොළඳ ලෙස පෑවාට
අපි හිටියෙ ඉවසගෙන හැඟුම් යස...
විඳින්නට හිතෙනකොට
ආදරේ නෑ ලඟින්
ලංවුනේ හැමදාම එක්වෙනා
පෙම් සිතින්
බොරු භාර ලැබුනෙ නෑ
ඉටුනොවෙන ලෙස මුවින්
දුර ඉඳන් රැක්කෙ අපි
ආදරේ පන ලෙසින්...
යසට මේ ඉන්නෙ අපි
අඳුරගත් නිසාමයි
ජීවිතේ උබලා ඔය
විඳින ආදරෙ සැකයි
මිදි කන්න නරි එන්නෙ
ඇඹුල් රස හන්දමයි
බැරි වුනොත් උන් යන්නෙ
මිදි තිත්ත කියලමයි...
.
.
.
?නිශා?