Thursday, May 07, 2026
Follow Us
නොකිවූ කවි
නොකියෙවූ කවි
නුඹට කවි නොලියැවෙන දිනටත්
මළපාට හදවත මෙතැනම,
මමත් නැති නුඹත් නැති
අලුපාට දේදුනු අහසේ කොණක
නුඹ නොකියවා
ඟහැරපු කවි හුඟක් ඇති
පොඩිවෙච්ච කඩදාහි එක්ක මියගිය..
හිතුනොතින් කියවන්න
ඒ කවි ලීවෙත් උඹට.
✍️මෙත්මා