Monday, April 29, 2024
Follow Us
සොඳුරු මතක
මැටිගෙයි පිලට බර වී ගෙවු හවස්වරු
තුන් තේරවිලි ද ඇහුනෙම ජන ගී මියුරු
රැහැයියනුත් ඒ තාලෙට හඬ නගපු
ගෙවු කාලෙ මට නොහැකියි මිළ කරනු..
.
ආච්චිගේ කරවට අත දමාගෙන
හවසට තුරුලුවුනෙ කවි ගී අසන්නට
ආච්චිත් නැත දෙවෙනි සීයගෙ රසට
තරඟෙට තේරවිලි තේරුවේ බෙදිලා පිල...
කුරුම්බැට්ටි මැෂිමෙන් රෙදි මහන්නට
පොල්කොළ නලාවෙන් කවි ගී වයන්නට
ඉඳගෙන වටේ පංචද උඩ දමන්නට
පුරුදු වුනේ හරි හරියට ඒ කල විඳින්නට...
ඈත්වෙලා දැන් ඒ සොඳුරුතම දවස්
වියපත්වෙලා ගියෙ ඒ ලස්සනම හවස්
ආසයි යන්නට ලැබුනොත් නැවත වරක්
අන්තිම පුරුක අපිමයි දැන් කාලෙ වෙනස්...
 
-නිශා-