Friday, May 03, 2024
Follow Us
ලසෝ තැවුල්,,, නිවන්න,,,
තට්ට තනියමේ, මැණිකේ, කොහෙද? ගියේ මට කියපන්
ලණු,ඇඳ,උඩ මම හිටියට මගේ හිත නුඹ යන පස්සෙන්
නුබේ හැඩ, වැඩ, දකින එවුන් ගං තුලානේ හතර දෙසින්
බටහිර දෙස නුබේ අග පස දකින එවුන්
විපිලිසරින්,,,,
ගමේ, ඇයෝ,ගතු කිව්වට, මම දන්නව
නුබගේ හයිය
ළැමේ ලගින බිළිඳු කිරට, දකින එවුන්
ගහන කයිය
ඉයේ උදේ පොලට ගිහින්, සුවඳ හමන
හැටිට පොඩිය
එපා! මැණිකේ, හිත රිදෙනවා, කොන්දෙ අමාරුවට වැඩිය,,,,,
කුඹුකේ ළිදෙන් හැන්දෑවට අපි දෙන්නා
සැනහෙන්නට
මහ වැස්සක්, එක දිගටම එයින් නො තෙමි,බෙරෙන්නට
වෙල් අල කොළයක්, හිස උඩ, දෙඩුව කථා සිහිවෙන කොට
එපා! මැණිකේ, හිත රිදෙනව, හිතින් යනවා කුඩුකේ ළිඳට,,,,,
පොඩි දෝණිගේ රැකවරනය, අපේ ඇස් දෙක වගේනේද?
ගං තුලානේ ඇසෙන කථා, දස, දෙස, දුක්
වෙනවනේද?,,,,,
ලයිටි බිලත් ගොඩ උනාට, විදුලි බුබුළු නැති උනාට
ළිප ගින්දර මෙලෙව්වාට, ඉදෙන බතත් මදි උනාට
කොන්දෙ අමාරුව හැදුනට, බෙහෙත් හේත් කොහිද? අපට
නැති බැරිකම්, ගෙට එනකොට, ආදරේ විසිවෙයි, එළියට,,,,,,,
 
********* තල්ගොඩපිටියේ,*****
********** එම්, එස්, පෙරේරා,****