මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරඟකරන අවස්ථාවලදී ඇදීම සඳහා නිළ ඇදුමක් සකස් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මේ වන විට විවේචන එල්ළවනවා. සමාරම්භක උත්සවය, පුහුණුවීම් සඳහා ඇඳුම් සකස් කළද ක්‍රීඩා කරන අවස්ථාවේදී එවැනි ඇඳුමක් සකස් කිරීමට නොහැකි වූ හේතුව කුමක්දැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
The Consumer Affairs Authority (CAA) has issued a gazette notification declaring a Maximum Retail Price for the sale of the 18 litres (9.6 kilograms) domestic Liquefied Petroleum Gas (LPG) Cylinder.
ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ දිනයේදී ගෙවා දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී ඇත.
රටපුරා පිහිටි සංවර්ධන උනතා සහිත නගර 100 සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අගමැතිවරයා විසින් ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන්කර තිබෙනවා.
මෙරට තුළ අස්ථානගතව ඇති සමස්ත දුරකතනවලින් සියයට හැත්තෑවක්ම නැවත සොයා දීමට හැකි වූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ ‘අරුණ’ට ඊයේ (25දා) පැවසුවාය.
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට නිෂ්පාදනය කෙරෙන මත්පැන් සහ බීර බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකරය අගෝස්තු 15 වනදා හදුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා බාකොර්ඩ් හෙවත් කේතයක් සහිත ස්ටිකරයක් හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි.
දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.
ඉදිරි මාස 03 තුලදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න මුදලක් අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.
දරුවන් මෙහෙකාර සේවයට යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
Page 325 of 645