Sunday, May 05, 2024
Follow Us
කොරෝනා පාලනයට දැඩි තීරණයන් රැසක්

කොරෝනා වෛරසය රට තුළ සීඝ්‍රයෙන් පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි තීරණයන් ගැනීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේ.

දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට කමිටුව තීරණය කර තිබේ.

දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීමට කමිටුව තීරණය කර ඇත.

මීට අමතරව කොවිඩ් රෝගීන් රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල් ගතවන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාමට ද තීරණය වී තිබේ.

නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව ගත් තීරණ අතර වෙයි.

(Aruna)