Sunday, January 18, 2026
Follow Us
2022 වසර සදහා පාසල් නිල ඇදුම් 2021 අවසන් වාරයේ

2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට ප්‍රථම සිසුන්ට ලබාදීමට සැළසුම් කර ඇත.

දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇදුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත යුතු බවට මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් කැදවා යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

(Aruna)