Saturday, July 27, 2024
Follow Us
“ළාබාලතම කලාකරුවා” ගිනස් වාර්තාව ඝානාවෙන්

‘ළාබාලතම කලාකරුවා‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබේ.

ඒස් ලියාම් නම්වූ අවුරුද්දක් වයසැති දරුවා මාස 6 සිට චිත්‍ර ඇදීමට ප්‍රියතාවක් දක්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව වඩාත් නිර්මානශීලී චිත්‍ර ඇදිමේ ළාබාලතම දරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්වනු ඇත.

මීට පෙර මෙම වාර්තාව වයස අවුරුදු 3ක ඇමරිකානු දරුවෙකු 2003 වසරේදී පිහිටුවා ඇති අතර ඒස් ලියාම් මෙම වාර්තාව අලුත් කිරීමට සමත්විය.

දරුවා පසුගිය ජනවාරි 18 සිට ජනවාරි 20 දක්වා කාලය තුළ ඇක්‍රා හිදී ගිනස් ලෝක වාර්තා තබා ඇති අතර මෙය නිවේදනය කරනු ලැබුවේ පසුගිය 14වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ය.

මාස 5ක වයසේ සිට ඝානාවේ කුඩා දරුවා විසින් ඇඳ ඇති චිත්‍ර වඩාත් ආකර්ෂණීය බව වාර්තා වේ.

කිසියම් හැකියාවකට හොද දක්ෂතාවයකට වයස් දභේයක් නොමැති අතර ඒස් ලියාම්ගේ මව සඳහන් කළේ තම දරුවාගේ දක්ෂතා කුඩා කල සිට හඳුනාගෙන තිබූ බවයි.

මේ වන විට ලියාම්ගේ චිත්‍ර 9ක් වැඩි මිලට ඝානාවේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක දී අලෙවි වී ඇති අතර ඝානාවේ ජනාධිපති ආර්‍යාව වූ රෙබෙකා අකුෆෝ වෙතටද ඔහු චිත්‍රයක් ලබා දී තිබේ.

ජනාධිපති ආර්‍යාව කියාසිටියේ කුඩා වයසේදී මෙලෙස දරුවෙක් වාර්තාවක් පිහිටුවීම තම රටට ද මහත් ආඩම්බරයක් බවයි.

Dinamina