මගීන්ට හිරිහැර වන පරිදි බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස ගීත වාදනයට පැනවූ තහනම තවමත් බලාත්මක බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
කිසියම් බස් රථයක මගීන්ට පීඩා වන අයුරින් ගීත වාදනය කරන බවට පැමිණිලි ලැබුණහොත් එම බස් රථවල හිමිකරුවන්ට සහ සේවකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
පසුගිය රජය සමයේදී බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත වාදනය තහනම් කරනු ලැබුවා.
ඒ අනුව බස් රථවල ප්‍රචාරය කිරීම සඳහා සුභාවිත ගීත ඇතුළත් සීඩී තැටි බෙදා දීම ද එම කාල සීමාවේදී දක්නට ලැබුණා.
(Neth)