Sunday, May 05, 2024
Follow Us
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සපිරීම හේතුවෙන් සභාවේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

“පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ. පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.”

(Aruna)