Saturday, May 18, 2024
Follow Us
ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක්

රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

පාසලට විශේෂ පත්වීමක් ලෙස මෙම පත්වීම ලබාදෙන බවත් අනතුරුව එම ගුරුවරයාට පාසල මාරු කිරීම කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

“පත්වීම දෙනවා පාසලට විශේෂ පත්වීමක් ලෙස. ඒ ගුවරුවරයා පාසලට සේවය කරන්න ඕන. වෙන පළාතකට මාරු වෙන්න බෑ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්.

පළාතේ සිටින ගුරුවරුන්ට එම පළාතේම පාසල් ලබාදෙනවා. ඒ අයට වෙන පළාතක පත්වීම් ලබාදීම වෙනුවට.”

(Aruna)