Saturday, July 27, 2024
Follow Us
තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන 160ක් හදන්න රු. කෝටි 160ක්

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපි­යල් කෝටි 160ක (රු.මිලි­යන 1600ක) මුද­ලක් මෙව­සර තුළ වෙන් කිරී­මට කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය විසින් පිය­වර ගෙන ඇත.

මේ යට‍තේ මෙරට දිස්ත්‍රික් 25 තුළ තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන 6 බැගින් ස්ථාපිත කෙරෙන අතර, එක් ගම­කට රුපි­යල් මිලි­ය­න­යක මුද­ලක් පළමු අදි­යර යටතේ ලබා දීමට කට­යුතු යොදා ඇති බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පැව­සීය.

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ පිළි­වෙළ සම්බ­න්ධව සාක­ච්ඡා­වක් පෙරේදා (16) හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­න­යේදී කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි. මේ සාක­ච්ඡා­වට එම අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් මෙන්ම පළාත් කෘෂි­කර්ම නිල­ධා­රීහු සහ අමා­ත්‍යාං­ශ­යට අනු­බද්ධ ආය­ත­න­වල සියලු නිල­ධා­රී­හුද එක්ව සිටි­යහ.

තරුණ ප්‍රජාව කෘෂි­ක­ර්මා­න්තය සඳහා ආක­ර්ෂ­ණය කර­ගැ­නීම මෙහි අර­මුණ වන අතර, මේ වැඩ සට­හන සඳහා අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලැබී තිබේ. ඔවුන්ට නව කෘෂි තාක්ෂ­ණය හඳුන්වා දීම, දේශීය වෙළෙ­ඳ­පොළ මෙන්ම අප­න­ය­නය ඉලක්ක කර­මින් කෘෂි­කා­ර්මික කට­යුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලු­මක් පව­තින කෘෂි නිෂ්පා­දන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරී­මද අර­මුණු අතර වේ. එළ­වළු, පල­තුරු, අනෙ­කුත් භෝග වර්ග, වැවිලි භෝග, මත්ස්‍ය නිෂ්පා­දන ආශ්‍රිත කර්මාන්ත, ආර­ක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පා­දන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මේ ගම්මාන තුළ ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

මෙහිදී අද­හස් පළ කළ කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පෙන්වා දුන්නේ අප රටේ ගොවි­තැ­නින් තරුණ ප්‍රජාව ඈත් වෙමින් සිටින තත්ත්ව­යක් උද්ගත වී ඇති බවයි. තරුණ ප්‍රජාව කෘෂි­ක­ර්මා­න්ත­යට ආක­ර්ෂ­ණය කර­ගැ­නී­මට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වා­සය තහ­වුරු කළ යුතු බවත් මේ සම්බ­න්ධව තමා අමාත්‍ය මණ්ඩ­ලය දැනු­වත් කළ අතර විශේ­ෂ­යෙන් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ සට­හන පිළි­බඳ ව්‍යාපෘති වාර්තා­වක්ද ඉදි­රි­පත් කළ බවත් ඇමැ­ති­ව­රයා මෙහිදී පැවැ­සීය. මේ සම්බ­න්ධව රජය යහ­පත් ප්‍රති­චා­ර­යක් දක්වා තිබෙන බැවින් මේ වැඩ සට­හන ක්‍රියා­ත්මක කිරී­මට සියලු දෙනාගේ සහ­යෝ­ගය ලැබිය යුතුයි යැයිද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ඩී.බී. හේරත්, මොහාන් ප්‍රිය­ද­ර්ශන සිල්වා හා අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කීර්ති මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක් වූහ.