Sunday, January 18, 2026
Follow Us
කොවිඩ් එන්නත්කරණයේ දෙවන අදියර මැයි 01 සිට

කොවිඩ්-19 වෛරසය මර්දන එන්නත්කරණයේ දෙවන අදියර මැයි මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ‌ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ දෙවන අදියරයේ පළමුවෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

ඊයේ (19) බෝනොවන රෝග පිළිබඳ උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ.

කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට අමාත්‍යංශය සතුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ තුනහමාරක් පමණ ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරත් සදහන් කරයි.

(Aruna)