රිය අනතුරු සම්බන්ධයෙන් ගාස්තුවක් අය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ජනතාව මත අතිරේක බරක් පැට නොවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ඩීසල් වෙනුවට පෞද්ගලික බස් රථ සඳහා භූමිතෙල් ලබාදෙන ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග ලබා නොදීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අවධානය යොමුව තිබෙනවා.
මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පසු දිනම විනාශ කිරීම සදහා නව ක්‍රමවේදයක් මේ වනවිට සකස් කරමින් ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් රටට අත්වන ප්‍රතිලාභය කුමක්දැයි තමන් නොදන්නා බවයි.
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ජාතික ආරක්ෂාව සම්භන්ධයෙන් පැවති දිගුකාලීන අවශ්‍යයතාවක් ඉටු කරමින් ජාතික ආරක්ෂක විද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද විවෘත විය.
REUTERS: Sri Lanka is confident of not defaulting on its debt repayments and will work on gradually improving the quality of its foreign exchange reserves, Finance Minister Basil Rajapaksa said on Saturday, a day after presenting the 2022 annual budget.
වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ වාහන සඳහා වෙළඳපොල විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.
The Excise notification has been issued by Finance Minister Basil Rajapaksa amending the excise duty with effect from November 13, as per the 2022 budget.
අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් ලබාදිය යුතුවන අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගතයුතුව ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැළණි පාලම අතර කොටස අද උදෑසන 06 යේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
Steps were being taken to transport food crops such as vegetables by train to minimise damage in transit, Agriculture Minister Mahindananda Aluthgamage said today.
Page 268 of 645