Thursday, May 02, 2024
Follow Us
මහා භාණ්ඩාගාරය දැනුවත් නොකර ව්‍යාපෘති 04 කට මුදල් වැය කර ඇතැයි කෝපා කමිටුවේදී හෙළි වෙයි

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ, 2017, 2018, 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.

අමෙරිකානු ඩොලර් මිලියන 9 යි දශම 9 යි 6 ක් වටිනා ව්‍යාපෘති තුනක් සහ යුරෝ මිලියන 1 යි දශම 8 යි 6 ක ව්‍යාපෘතියක් මෙලෙස සෘජු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බවයි හඳුනාගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති අතර මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිලිබඳ මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

(Neth)