Thursday, May 02, 2024
Follow Us
ඉන්ධන මිල සූත්‍රයක් ගැන අලි සබ්‍රිගේ කතාවට මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රතිචාරය

ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ඒම සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

මේ වනවිටත් වෙළඳපොල මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක්, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 36ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 60ක් වශයෙන් පාඩු ලැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බව ඒ මහතා සඳහන් කරයි

ඒ අනුව එවන් තත්වයක් තුළ ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආවොත් එයින් අනිවාර්යයෙන්ම සිදුවන්නේ මිල වැඩිවීමක් නිසා එය ජනතාවට දරාගැනීමට නොහැකි වනු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ හිරු රූපවාහිනී නාලිකාව සමග අදහස් දක්වමිනි.

ඉන්ධන සඳහා නැවතත් මිල සූත්‍රයක් ගෙන ආ යුතු බවට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පසුගියදා අයවැය විවාදය අතරතුර ආණ්ඩුවට යෝජනා කර තිබිණි.

(LNW)