Friday, May 17, 2024
Follow Us
රජයක් හැටියට අපි කරන්න පුළුවන් දේ කර අවසන්. ඉතිරි ටික ජනතාව අතේ - කෙහෙළිය

රජයක් ලෙස කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන අතර උපදෙස් පිළිපැදීම ජනතාව විසින් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට ජනගහණයෙන් 75%කට වැඩි දෙනෙකුට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති අතර බූස්ටර් මාත්‍රාව ලබා දීමද ආරම්භ කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

''රජයක් හැටියට අපට කරන්න පුළුවන් සියලු දේ අපි කරලා තියෙන්නේ. මේ වෙනකොට 75%කට වැඩිය වක්සින් දෙකම ලබල දීල තියෙනවා සමස්ත ජනතාවගෙන්. ලෝකයේ රටවල් තුනහතරයි ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නේ. බූස්ටර් එක පටන් අරන් තියෙනවා. ඉතින් ජනතාවගේ හැසිරීම සහ ජනතාවගේ ඉතුරු කොටස තියෙන්නේ. අපිට කියන්න පුළුවන්. ඉල්ලීම් කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ජනතාව ඒ විදිහට හැසිරෙයි කියල. මේක මේ විදිහට ගියොත් ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. රජයන්,පාට පක්ෂ මොනවත් නැහැ ආර්ථිකය කඩා වැටුණොත්.''

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (19) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)