Thursday, May 02, 2024
Follow Us
කෘමිනාශක භාවිතයට අවසර දීමට ජනාධිපති තුමා සූදානමින් සිටිනවා - අමරවීර

මෙවර මහ කන්නය සඳහා වගාවන්ට අවශ්‍ය කෘමිනාශක ද්‍රව්‍ය යෙදීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"දැනට ජනාධිපතිතුමා, මම විශ්වාස කරනවා, මේ එළවලු සඳහා අවශ්‍ය වන ඒ රසායනික ද්‍රව්‍ය යොදන්න නැතිනම් ඒ කෘමිනාශක යෙදීමට අවශ්‍ය අනුමැතිය දෙන්න සූදානමින් ඉන්නවා. ඉදිරියේදී ගොවීන්ට සැකයක් නැතිව වගාකරන්න අවශ්‍ය තත්වයක් නිර්මාණය කිරීම තමයි අපේක්ෂාව"

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)