ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුනු ඩීසල් මෙට්ට්රික් ටොන් 40,000 ක් අයත් නෞකාවේ ඉන්ධන බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා.
ඉදිරි දිනවල ලංගම බස්රථ සහ දුම්රිය නියමිත කාලසටහන් අනුව ධාවනය කිරීම සඳහා අවශ්ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරී, ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අද දිනයේද ලංගම බස් රථ නියමිත කාලසටහන් අනුව ධාවනය වන බවයි.
නුගේගොඩ, මිරිහාන ප්රදේශයේ ඊයේ රාත්රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 03 ක් මඟින් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා. අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ජේ්යෂ්ඨ පොලිස් මාධ්ය ප්රකාශක, ජේ්යෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරතවූ ජනතාව කිසියම් කණ්ඩායමක් විසින් ප්රකෝප කිරීමක් සිදුකර ඇත්දැයි සොයා විශේෂ විමර්ෂණ ක්රියාත්මක බවයි.
විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, අත්යවශ්ය ආහාර ද්රව්ය මිල ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් නිසා රටේ සාමාන්ය ජනතාවට මුහුණ දී ඇති පීඩා සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බව අග්රමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙරට දෛනික පෙට්රල් අවශ්යතාවය මෙට්රික් ටොන් 3000 ක් වුවද මේ වනවිට එය මෙට්රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
දිවයින පුරා ක්රියාත්මක ඇඳීරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
The Public Utilities Commission of Sri Lanka (PUCSL) has approved power cuts of eight hours and 30 minutes for today, as requested by the Ceylon Electricity Board (CEB).
මෙම වසරේ පළමු කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය වාරිකයක් ගෙවා දැමූ බව මුදල් අමාත්යංශය පවසනවා. එම අමාත්යංශයේ ජ්යෙෂ්ඨ ප්රකාශකයෙකු පැවසුවේ නියමිත කාලයේදී නියමිත පරිදි ශ්රී ලංකාව ණය වාරික ගෙවාදමමින් සිටින බවයි.
Page 210 of 648