Saturday, April 27, 2024
Follow Us
වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 03ක ණය ගෙවයි

මෙම වසරේ පළමු කාර්තුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය වාරිකයක් ගෙවා දැමූ බව මුදල් අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ නියමිත කාලයේදී නියමිත පරිදි ශ්‍රී ලංකාව ණය වාරික ගෙවාදමමින් සිටින බවයි.

මෙලෙස ගෙවා දැමූ ණය වාරික අතරට ස්වෛරීත්ව බැඳුම්කර ණය වාරිකයක් ද ඇතුළත්. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 56 ක් වනවා.

මෙම වසරේදී සමස්ථයක් ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක ණය වාරිකයක් ගෙවා දැමිය යුතුයි. ඒ අනුව මෙම වසරේදී ගෙවා දැමීමට තවත් ඉතිරිව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 3.9 ක ණය වාරිකයක් පමණයි.

(Neth)