Saturday, April 27, 2024
Follow Us
බස් සහ දුම්රිය ධාවනයට ඉන්ධන සංචිත ප්‍රමාණවත් ද ?

ඉදිරි දිනවල ලංගම බස්රථ සහ දුම්රිය නියමිත කාලසටහන් අනුව ධාවනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අද දිනයේද ලංගම බස් රථ නියමිත කාලසටහන් අනුව ධාවනය වන බවයි.

දින 10 ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත සිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ. ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග දෛනිකව ලැබෙන බවද දුම්රිය සාමාණ්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් පෞද්ගලික බස් හිමියන් පවසන්නේ බස් රථ ධාවනය සඳහා තමන්ට ඉන්ධන ලබාගැනීමේ දැඩි දුෂ්කරතා පවතින බවයි. මේ හේතුවෙන් අද දිනයේ සමස්ථ පෞද්ගලික බස් රථවලින් සියයට 10 ක් පමණක් ධාවනය කෙරෙන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

(Neth)