Saturday, May 11, 2024
Follow Us
 කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වේ

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ අද (3) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවේදීයි.

මේ අනුව සියලු කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාරදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි.

හෙට උදැසන අග්‍රාමාත්‍යවරයා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම වැඩි දුරටත් පවසා ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ සූදානම ගැන මෙම පුවත අද සැන්දෑවේ මුලින්ම රටට හෙලිදරවු ක⁣ලේ අරැණ වෙබ් අඩවියයි.

ඒ මෙසේයි….

“මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඔහු සමග කටයුතු කල කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන් ඔහුට ඉවත් නොවන ලෙස බලපෑම් කර ඇත.
ඔවුන් පවසන්නේ අගමැතිවරයා ඉවත් නොවී තමන් කැබිනට් අමාත්‍යදුර වලින් ඉවත් වන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුරයෙන් ඉවත් වීමට තීන්දු කර ඇත්තේ අලුතින් පත් වන කැබිනට් මණ්ඩලයේදී බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ සෂින්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට තනතුරු ලබා නොදීමේ අරමුනෙනි.”

(Aruna)