Friday, July 24, 2026
Follow Us
මහින්ද ඉල්ලා අස්වේ

ආණ්ඩුව විසිරෙයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තව සුලු මොහොතකින් ඉල්ලා අස්වීමට නියමිත බව ආරංචි මාර්ග දැනුම් දෙයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරී යන අතර, නව අගමැතිවරයකු යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට සිදුවෙයි.

අගමැතිවරයා ඉල්ලා අස්වූපසු පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති මන්ත්‍රීවරයකුට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කිරීම හෝ යළිත් මැතිවරණයක් ප්‍රකාශ කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුවේ.

(Aruna)