Friday, July 24, 2026
Follow Us
හෙට පැය 5 ක් විදුලිය නෑ

මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළ ඉල්ලීම


හෙට (04) දිනයේ පැය 7ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.

එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙසත් රාත්‍රී කාලයේ දී පැයක් – දෙකක් අතර රාත්‍රී 10.30ට පෙරත් සිදුකළ යුතු බව ද විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

(Aruna)