ගෑස් තොග රැගෙන මෙරටට ලගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3500 බැගින් රැගෙන නෞකා 02 ක් මෙම සතියේදී මෙරටට ළගාවීමට නියමිත බවයි. ඒ අනුව අදාළ නෞකා 02 සඳහා ගෙවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 07 ක්.
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබාගෙන මාස 03 ක කාලයක් සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබාගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවිඩය සාවද්‍ය බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක් පෙරේදා (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්වී තිබේ.
රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
විවෘත ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ බොහෝ රටවල්වලද විවෘත ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නොමැති බවයි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම මේ මස 23 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කරනු ලැබුවා.
Page 191 of 642