Thursday, July 03, 2025
Follow Us
විභාග දිනවල මාර්ග අවහිර නොකරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් ජනතාවගෙන් ඉල්ලයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ගය හරස් කරමින් විරෝධතාවල නිරත නොවන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ලබන 23 වනදා සිට ජුනි පළමුවැනිදා දක්වා විභාගය පැවැත්වෙනවා. එම කාලය තුළ යහපත් මානසිකත්වයෙන් සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ.

සාමාන්‍යපෙළ විභාගයට අදාළ සියලු ප්‍රශ්ණ පත්‍ර අද දිනයේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරුණා. මෙවර විභාගය සඳහා පන් ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 3,844 කදී ලබන 23 වනදා සිට ජුනි 01 වනදා දක්වා විභාගය පැවැත්වෙනවා.

(Neth)