Friday, March 29, 2024
Follow Us
අමතර කොටස් හිඟයෙන් විදුලි බලාගාර අවදානමක

අමතර කොටස්වල පවතින හිගය හේතුවෙන් විදුලිබලාගාර රැසක් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

ඒ හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ද අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා වැඩිදුරටත් සඳහන් කළේ.

අමතර කොටස් හිගය හේතුවෙන් මේවනවිට ඇතැම් බලාගාර බිඳවැටීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)