Friday, April 26, 2024
Follow Us
තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද දිවුරුම් දුන්නේ ධීවර අමාත්‍යවරයා ලෙසයි. බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් ඊට අමතරව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසයි.

විදුර වික්‍රමනායක දිවුරුම් දුන්නේ බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. අහමඩ් නසීර් පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. රොෂාන් රණසිංහ වාරි මාර්ග අමාත්‍ය ධූරයේත් ඊට අමතරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරයේත් දිවුරුම් දුන්නා.

මීට පෙර වැවිළි කර්මාන්ත අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යධුරයේ ද අද දිවුරුම් දුන්නා. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල ජලසම්පාදන අමාත්‍ය ධුරයේ ද අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මීට පෙර අවස්ථා දෙකකදී අමාත්‍යවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව නව අමාත්‍ය මණ්ඩලයට මේ වන විට 21 දෙනෙකු අයත් වනවා.

(Neth)