විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියකට දින 04 ක් පමණක් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට අවස්ථාවක් ලබාදීම සඳහා මේවනවිටත් සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
මෙරට පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරය යළිත් පිහිටුවා දේශීය නිෂ්පාදන අතිරික්තයක් ඇති කර ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් සැපයිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
රජයේ පාසැල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල පළමු වාරයේ දෙවන අදියර අද ආරම්භ වනවා. මෙම වසරේ මාස 06 ක් ගතවී ඇතත් තවමත් ක්‍රියාත්මක වන්නේ පළමු පාසැල් වාරයයි. ඒ අනුව පාසැල් විෂය නිර්දේශයේ පළමු පාසැල් වාරයට අදාළ කොටස නියමිත කාලයට අවසන් කර ගැනීමට හැකියාව පවතින්නේ දැයි නෙත් නිවුස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසීමක් කළා.
ජාත්‍යන්තර අරමුදලේ පිහිට පැතීමට බොහෝ කාලයක් බලා සිටිය බවත්, අවම වශයෙන් මීට මාස 06කට හෝ අවුරුද්දකට පෙර IMF වෙත ගියා නම් දැනට පවතින තත්වයට නොපැමිණිමට ඉඩ තිබු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
විදුලිබිල වැඩි කළ යුතු බවට සිය ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු පවසනවා.
යම් අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙතෙක් වගා නොකළ අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගනිමින් වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
පවතින අර්බුදය විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාවට ඇති එකම විසඳුම කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය ඉහළ නැංවීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ “රට දිනවමු” තේමාව යටතේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සංවිධාන කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කළ අයදුම්කරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
Page 174 of 638