Thursday, April 25, 2024
Follow Us
විදෙස් රැකියා බලාපොරොත්තුවන්නනට සුබ ආරංචියක්

ඇමැති ධම්මික අමාත්‍යංශයේ වැඩ වලට අතේ තියෙන සල්ලි වියදම් කරයි


තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කුලී පදනම මත ඡායාරූප යොමුකිරීමේ දත්ත පද්ධතියක් ලබාදීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ලබාගන්නා ඡායාරූප එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කිරීමේදී උද්ගත වී ඇති ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් මෙම දත්ත පද්ධතිය ලබා ගන්නා බව ඔහු සඳහන් කරයි.

තවද විදෙස් රැකියා සඳහා යාමට ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින්ට කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ වෙනම කවුන්ටරයක් විවෘත කරන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අදාළ ලේඛන සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින්ට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 5 දක්වා දීර්ඝ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna