Thursday, April 25, 2024
Follow Us
කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

විපක්ෂය අද ජනාධිපති මන්දිරය වැටලීමට සැරසෙයි


සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා අද (30) සවස ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් වේ.

“ගෝඨා – රනිල් සාපය අවසන්කරමු“ යන තේමාව යටතේ අද පස්වරු 04.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

පවතින පීඩාකාරී පාලනයට එරෙහිව කොළඹ ඇතුළු බස්නාහිර පළාත් ජනතාවට කොටුව දුම්රියපල ඉදිරියට එක් රැස්වන ලෙස සමගි ජන බලවේගය ඊයේ (29) රටටම විවෘත ආරාධනාවක් කළේය.

කොටුව දුම්රියපල ඉදිරිපිට රැස්වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පැවැත්වෙන ජන රැළියකින් පසු පිරිස ජනාධිපති මන්දිරය ඉදිරිපිට පා ගමනින් යෑමට සැලසුම් කර ඇති බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇති බව වාර්තා වේ.

 

Aruna