Thursday, April 25, 2024
Follow Us
 ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය කරන්නේ නෑ


දකුණු පළාතේ ලියාපදිංචි වාහන සඳහා ලබන 30 වනදා සිට ජුලි මස 29 වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ පවතින ඉන්ධන සැපයුම සීමා වීම හේතුවෙන් උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමිනි.

ඒ අනුව ලබන 30 වනදා සිට ජුලි මස 29 වනදා දක්වා කාලය තුල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.

මේ අතර ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන් රාජකාරී කටයුතු සඳහා නිලධාරීන්ට මෙන්ම සේවාවන් ලබාගැනීමට මහජනතාවට පැමිණීමට පවතින දුෂ්කරතා හමුවේ ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ද ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇත.

Aruna