දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ.
අවධානම් පුද්ගලයින් මාර්ග අසල හෝ වසා දමා ඇති මත්ස්‍ය වෙළදසැල් අසල වෙළදාමේ නිරත වීම අවධානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වෙනත් පුද්ගලයින්ටද වෛරසය ආසාදනය වීමේ අවධානමක් මේ හරහා මතු වන බවයි.
ජලය සහිත මැටි කෝප්පයකට දෙහිකොළ, පාවට්ටා කොළ, ඉ`ගුරු කෑල්ලක්, කොත්තමල්ලි ටිකක් දාලා හොඳට උණු කරගෙන උදේ සවස හුමාලය අල්ලන්න. මේ මගින් කොරෝනා රෝගයෙන් මිදීමට පුළුවන්…..’’ යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පී. හේවාගමගේ මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 වැනිදා) පැවසීය.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
බස්නාහිර පළාත තුල ඇඳිරිනීතිය පවතින කාලය අතර තුර කොවිඩ් 19 යැයි සැක කෙරෙන යම් රෝග ලක්‍ෂණයක් කිසියම් පුද්ගලයකුට මතු වුවහොත් රෝහල් ගතවීමට පෙර දුරකථන අංක 0117966366 අමතන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. මහජනයා මෙම ක්‍රියා පිළිවෙත නිවැරිදිව අනුගමනය කළහොත් කොවිඩ්19 ආසාදිතයන් සෘජුවම රෝහල් ගතවීම වලක්වා ආසාදිතයන් අදාල රෝහල් වෙත යොමු කිරීමට හැකියාව ලැබෙන බව බලධාරීන් අදහස් කරන බව වාර්තාවේ.
පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම අඩු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා ගෙන් 179 දෙනෙකු ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
Thirty-four (34) employees of Horana Bodyline apparel factory tested positive for Covid-19 on Sunday, the MAS holdings said.
කොවිඩ් වයිරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පහසුකම් සලසන්නැයි විභාග දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ්19 වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව අවධාරණය කරණු ලැබීය.
වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර ඇත.
ලංකා සතොස වෙළෙඳසල් මගින් පාරිභෝගිකයකුට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකක් දක්වා සීමා කර අතැයි එහි සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අදිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න පිවිසුමේ දී සිදු කිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ආරම්භ කර ඇත. ඒ අනුව අධිවේගී මාර්ගය වැලිපැන්න පිවිසුම අසලින් තාවකාලිකව වසා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහන වැලිපැන්න පිවිසුම හරහා ගමන් කිරීමට සලස්වා පරීක්ෂා කිරීම සිදු කෙරේ.
බේකරි ඇතුලූ සංචාරක වෙළදාමේ නිරතවන පුද්ගලයින් නිරෝධායන රීති සහ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නිරෝධායන රීති අනුගමනය නොකරන බවට තොරතුරු වාර්තා වන බවයි.
වායු දූෂණය ඉහළ ගොස් ඇති බැවින් ළමා හතිය වැඩිවිය හැකි යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
නිරෝධායන ඇඳීරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් වෙනත් ප‍්‍රදේශවලට ගිය පුද්ගලයින් 550 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මඩකලපුව, නුවරඑළිය, තංගල්ල, මාතර, යාපනය සහ බණ්ඩාරවෙල යන ප‍්‍රදේශවලටද මෙම පිරිස ගොස් ඇති බවයි. ඔවුන් මේ වනවිට රැඳී සිටින ස්ථානවලදීම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
Page 516 of 745