Wednesday, September 24, 2025
Follow Us
කටුනායක මස් සැකසුම්ගාරයට එරෙහිව දැඩි විරෝධයක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විවෘත කළ මතභේදයට තුඩු දී තිබෙන මස් සැකසුම්ගාරය ආසියාවේ විශාලතම මස් සැකසුම්ගාරය බවත් ඒ හරහා ලෝක මස් අවශ්‍යතාවයෙන් 10%ක් සැපයීමට සූදානමින් සිටින බැවින් එය බරපතළ ලෙස සැලකිය යුතු බවත් Rights for Animals and Nature සංවිධානයේ සභාපති රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙයි.

ලෝකයේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 330ක් පමණ බව පෙන්වා දෙන එම සංවිධානය ඒ අනුව කටුනායක මස් සැකසුම්ගාරයේ මෙට්‍රික් ටොන් මිලියන 33ක පමණ වාර්ෂික නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිත උවද ශ්‍රී ලංකාවේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 300ක පමණ අඩු අගයක පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

(Lanka Leads)