Wednesday, February 11, 2026
Follow Us
විදෙස්ගතව සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු දිවයිනට

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැු`දී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. කටාර් රාජ්‍යයේ සිට 119 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 47 දෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට ඇතුළත්. දිවයිනට පැමිණි එම පිරිස පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කෙරුණු බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, මෙරට සිට ශී‍්‍ර ලාංකික ගුවන් මගීන් 600 දෙනෙකු අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගතව ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.

(Neth)