Wednesday, September 24, 2025
Follow Us
රථවාහන නැව්ගත කිරීමට රජයෙන් අවසර ඉල්ලයි

ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ රථවාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයන් 300 ක් පමණ රථවාහන නැව්ගත කිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ.

මාර්තු 19 වැනි දිනට පෙර ණයවර ලිපි විවෘත කළ හා ආනයන තහනම හේතුවෙන් බලපෑමට ලක්වූ වෘත්තිකයන්ගේ සමූහය මෙම ඉල්ලීම යොමු කර ඇත. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, කථිකාචාර්යවරු, ගණකාධිකාරිවරු සහ වෙනත් රජයේ විධායක නිලධාරීහු ඇතුළු තනතුර දරන වෘත්තිකයෝ ඊට ඇතුළත් වෙති.

කොවිඩ් පැතිර යාම හේතුවෙන් වාහන ආනයන කටයුතුවලට තවත් බාධාවක් වී ඇත. මෙම වසරේ මැයි මාසයේ වාහන නැව්ගත කිරීමේ කටයුතු සූදානම් කර තිබුණද පසුව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් වාහන නැව්ගත කිරීම සීමා කරන ලදී. මෙම තහනම ක්‍රියාත්මක වෙමින් තිබියදී පවා චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඇතැම් අය වාහන ආනයනය කර ඇති බවට වෘත්තිකයන්ගේ සමූහය ​චෝදනා කරති. එවැනි වාහන නිදහස් කර ගෙනද ඇතැයි ඔවුහු පවසති.

(Aruna)