බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප‍්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසනවා. ඒ අද රාත‍්‍රී 9.00 සිට හෙට පෙරවරු 09 දක්වායි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.
නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කොවිඩ් වසංගතය මේ වන විට තුන්වැනි අවදානම් මට්ටමට පැමිණ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව ප්‍රථම වරට අනාවරණය කළේ කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානයේදී පසුගිය 24 වැනිදාය. උපරිම අවදානම් මට්ටමට ඇත්තේ තවත් එක් අදියරක් පමණි. පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
අටළුගම ප්‍රදේශයේ වැඩි දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව සහ නිලධාරීන් නොමග යැවීමට කටයුතු කරන බව’ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත් වෙයි.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසා සිටින්නේ අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොවිඩ්19 වෛරස් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.
ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි
තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට නිදහස් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට බන්ධනාගාරය තුළ පැතිර යන කොවිඩ්19 වෛරසය වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ජනපති පොදු සමාව ලබාදීමට අදාළ වන ලිපිය ඊයේ (27 ) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටී.
Another cyclone is developing near Sri Lanka and could affect the island next week.
Advanced PCR-Testing machines (an RNA/DNA extractor and two light cyclers) have been setup at the Bandaranaike International Airport (BIA).
Former Director of the CID Shani Abeysekera, who was admitted to the Gallella Hospital for COVID 19 patients from the Welikada Prison was transferred back to the Colombo IDH Hospital yesterday (27) on a medical recommendation.
හලාවත නගරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරීම් අද (27) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ.
මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ප‍්‍රදේශ 03ක් හුදෙකලා කර තිබෙනවා. එලෙස හුදෙකලා කළ එක් ප‍්‍රදේශයක් වන්නේ නාරාහේන්පිට දාඹරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක් හුදෙකලා කර තිබෙනවා. මේ අතර දෙහිවල, ප‍්‍රතිබිම්බාරාම පාර, ඇල ඉවුර ප‍්‍රදේශය හුදෙකලා කර ඇති තවත් ප‍්‍රදේශයක්වනවා.
මධ්‍යම පළාතෙන් අද (27)වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
It has been decided to close all schools in the Kalmunai Education Zone for a period of one week, the Governor of the Eastern Province Anuradha Yahampath stated.
Page 484 of 727