Sunday, February 08, 2026
Follow Us
කොවිඩ් මරණ 483 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

(Aruna)