Saturday, July 12, 2025
Follow Us
දෙවන පොල් ත්‍රිකෝණය සකස් කරන ප්‍රදේශ

මෙරට දෙවන පොල් ත්‍රිකෝණය උතුරු නැගෙනහිර දෙපළාත ආශ්‍රිතව සකස් කිරීමට කටයුතු යොදන බව පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවැසීය.

තල් ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02 වැනිදා) පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

යාපනය,මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව දෙවන පොල් ත්‍රිකෝණය සකස් කරන බවද ඇමැතිවරයා පැවසුවේය.

දෙවන පොල් ත්‍රිකෝණය සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය තල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ ආයතනයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කියයි.

පොල් ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන අපනයනයෙන් ඉකුත් වසරේදී (2020) ඩොලර් මිලියන 600 ක ආදායමක් උපයා තිබෙන බවත්,එය මේ වසරේදී ඩොලර් බිලියන එකක් දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයිද අමැතිවරයා පවසයි.

(Aruna)