දේශපාලන පළිගැනීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරුවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කිසියම් අපහාසයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්.
මෙම කොමිෂන් සභාව පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අධිකරණ තීන්දු සම්බන්ධයෙන් මැදිහත් වීමට එයට බලයක් නොමැති බව දන්වා ඇති බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට එරෙහිව ගොනු කර ඇති සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට අදාළ කොමිසම නිර්දේශ කර ඇති බවද ඔවුන් පවසනවා.
අධිකරණය විසින් කරන ලද නියෝගයක් සම්බන්ධයෙන් චූදිතයෙකු සෑහීමකට පත් නොවන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුළුල් විනිසුරු මඩුල්ලක් හමුවේ තීන්දුව නැවත සලකා බලන ලෙස ඔහුට පෞද්ගලිකව ඉල්ලා සිටිය හැකියි. එසේ නොමැතිව එවැනි අපරාධ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තුන්වන පාර්ශවයකට සලකා බැලිය නොහැකි බවයි පැමිණිල්ල ගොනුුකළ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ.
මෙම නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිය, ස්වෛරීභාවය සහ මහජන විශ්වාසයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව ද ඔවුන්ගේ අදහසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කළ අතර එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කරනු ලැබුවා.
(Neth)