Friday, September 19, 2025
Follow Us
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල කොළඹ 10, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

2025 සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/09/20 හා 2025/09/21 දිනවල මහනුවර හෙද විදුහලේ දී පැවැත්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණි.