මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවයි.
මේ වන විට සීට් බෙල්ට් අනිවාර්ය කර තිබෙන අතර වගකීමක් තිබෙන මිනිස්සු රියදුරන් ලෙස කටයුතු කළ යුතු අතර දෙසැම්බර් 31 වන විට අනිවාර්යෙන්ම PT කියන බලපත්‍රය ලබගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.