Saturday, July 12, 2025
Follow Us
කොමිසම් වාර්තාව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ට සහ කොළඹ රදගුරු තුමන් වෙත භාර දේ

ජනාධිපති මාධ්‍යය අංශය මාධ්‍යය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින්,ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගැන්වූ බව පවසයි.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ඊයේ(01) පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේලා වෙත වාර්තාව පිළිගන්වනු ලැබූ බව පවසයි.

එසේම ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව හරිගුප්ත රෝහණධීර මහතා විසින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හටද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍යය අංශය පවසයි.

(Lanka Leads)