Sunday, February 08, 2026
Follow Us
ඉන්ධන පිරවුම් හලක ගින්නක්

වාරියපොල මාමුණුව පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක් හටගෙන තිබේ. අදාළ ගිනි ගැනීම ඊයේ (01) සවස සිදුව තිබෙන බව වාරියපොල පොලිසිය සඳහන් කර ඇත.

ඊයේ සවස 05 ට පමණ ගන්න හටගෙන ඇති අතර වාහනයක විදුලි කාන්දුවකින් බවට සැකකෙරේ. ඉන්ධන බවුසරයකට ගිනි ඇවිලී ඇති අතර පසුව ගින්න ඉන්ධන පිරවුම් හලේ එක් ඉන්ධන පොම්පය කට සහ පිරවුම් හලේ වහලයේ කොටසකටද පැතිර ගොස් තිබුණා.

අනතුරුව කුරුණෑගල නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ සවස 6.39 පමණ වනවිට ගින්න පාලනය කර තිබෙන බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත.

ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

(Aruna)