ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැරට සමගාමීව දාඹාන ආදිවාසීන් මී පැණි පූජා කිරිමේ චාරිත්‍රය අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.
දූරියන් වගාව ආර්ථික භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ ව්යාපෘතිය යටතේ බද්ධ දූරියන් පැළ බෙදාදීමේ හා ඒවා වගා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රදේශිය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(08) උඩුගම්පොළ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී සිදු කෙරිණි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) ප.ව. 6.00 පසු වී විනාඩි 45 යෙදෙනෙ සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අගෝස්තු මස 10 සහ 11 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ හාරසිය දහයයි (410) ග්‍රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
යාපනය පොලිස් වසමේ අරියාලේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගිය දා (07) වැටලීම් කර තිබේ.
ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට ඉතා විනයගරුකව පැමිණෙන ලෙසද, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට කටයුතු කරන ලෙසද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ සංකල්පයක් මත ක්‍රියත්මක කරනු ලබන 'ලෝකයට පැළයක්' වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් මහනුවර වැව රවුමේ මහ මායා බාලිකා විද්‍යාලය අසළදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පැවැත්විණි.
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට සමගාමීව දිවයින පුරා විසිර සිටින සිතුවම්කරණයේ සුදක්ශයින් අතින් චිත්‍රණය වූ අලංකාරවත්ම සිතුවම් එකතුව පසුගියදා (10) මහනුවර මඟුල් මඩුවේ දී මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත විය.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා රවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය දැනුම් දී තිබේ.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මහනුවර ඇසළ පෙරහර අදින් ඇරඹෙන අතර අද ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතයි.
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
Page 48 of 726