IV BFA කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන තරඟාවලිය ඔක්තොම්බර් 26 සිට නොවැම්බර් 02 දක්වා චීනයේ හන්ග් ජොව් හි දී පැවැත්වීමට නියමිතය.
මෙම තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් අද තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍ය අමාත්‍යවරයා හමු විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී එම හමුව සිදු විය. මෙම තරඟාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් විසිදෙනෙක් සහ නිලධාරීන් හතරදෙනෙක් සහභාගීවීමට නියමිතය.
මෙහිදී සමූහ ඡායාරූපය සඳහා පෙනී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කළේ ය.