2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.
නිසි පරිසර කළමණාකාරිත්වයෙන් යුතුව පරිසර සංරක්ෂණයට විශිෂ්ඨ මෙහෙවරක් සිදු කරන කර්මාන්ත ව්‍යාපාර හා ආයතන ඇගයිමටත් , පරිසර හිතකාමී කර්මාන්ත , ව්‍යපාර හා සේවා සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීමත් , පරිසර ක්‍රියාකාරිත්වයක් සඳහා සමාජය දිරිගැන්වීමට සහ තිරසර සංවර්ධනයට ජන සහභාගීත්වය ගොඩ නැගීමත් යන අරමුණු ඇතිව මෙම සම්මාන උළෙල පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.
පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම සම්මාන උළෙල පවත්වන බවත් මේ සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන දායත්වය ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරීයේ නියෝජ්‍ය අධයක්ෂ ජෙනරාල් ( අපද්‍රව්‍ය කළමණාකාරණය ) ශාමිනි පෙරිප්පෙරුම මහත්මිය මෙම සම්මාන ප්‍රධානය කිරීමට තරඟාවලියක් පැවැත් වූ බවත් ඒ සඳහා 2025 වර්ෂයේ ජනවාරි මස සිට අයදුම්පත්‍ර කැඳවිමක් සිදු කර බවත් සඳහන් කළාය.
මේ සඳහා අයදුම් පත්‍ර 1000කට ආසන්න සංඛාවක් ලැබුනු බවත් මෙම සම්මාන උළෙලේ දි සම්මාන 132ක් ප්‍රධානය කිරීමට සැළසුම් කර ඇති බවත් ඊට රන් සම්මාන 17 ක් , රිදී සම්මාන 29 ක්, ලෝකඩ සම්මාන 38ක් , කුසලතා සම්මාන 47 සහ ජූරියේ විශේෂ සම්මානයක් ලෙස සම්මාන ප්‍රධානය සිදු කරන බවද සඳහන් කළාය.
තවද කර්මාන්ත අංශය ,පැසැල් , මාධ්‍ය , රජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ලෙස වෙන් වෙන් වශයෙන් එම ක්ෂේත්‍රවලට අදාළව අයදුම්පත් කැඳවු බවද වැඩි දුරටත් පැවසුවාය.