සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී.
මාතර දිස්ත්‍රික්කයේ ආක්‍රමණික ශාකයක් වශයෙන් හඳුනාගෙන ඇති යෝධ නිදිකුම්බා වර්ධනය හේතුවෙන් පුරන් වී ඇති කුඹුරු ඉඩම්වල යෝධ නිදිකුම්බා ඉවත්කර එම කුඹුරු නැවත අස්වැද්දිය හැකි තත්ත්වයට පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
වර්තමානයේ දරුවන් තාක්ෂණීක මෙලවම්වල ගොදුරක් වී ඇති බැවින් ඔවුන් ඉන් මුදවා ගෙන දරුවන් කුමන හෝ ක්‍රිඩාවකට යොමු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්‍රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්‍යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.
ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.
බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම ගැටලුවක් බවට පත්ව ඇතිබවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80ි% බෝනොවන රෝගවල බලපෑමෙන් සිදුවන බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි. මෙම තත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශවීය මැදිහත් වීමක් අවශ්‍ය බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.
අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝග පාලනය කිරීම සඳහා ඉදිරි වසර කිහිපයේදී ප්‍රතිපාදන වැඩි කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ(18) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISRM) යටතේ පිහිටුවීමට නියමිත සත්‍ය සමගිය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළබදව විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් දැනුවත් කිරීම සහ අදහස් ලබා ගැනීමේ දෙදින වැඩසටහනක් පසුගිය 12 සහ 13 දෙදින පුරා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි.
වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ තුනක් වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (15) සිය නාම යෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම (State Fertilizer Company ) නමින් ඒකාබද්ධ කල අතර එම සමාගම පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය පසුගිය15 වැනිදා ආරම්භ වූ එය හෙට (18) දක්වා මහරගම - ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී පැවැත්වේ.
ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක සියලු දන්සැල් ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.
Page 47 of 726