බස්නාහිර පළාතේ ඝණ අපද්රව්ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්රදේශ කේන්ද්රකර ගනිමින් ආරම්භ කළ ව්යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා සහභාගී විය.
මෙම අවස්ථාට නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් යන මහත්ම මහත්මීන්ද , කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්රික් ලේකම්වරු ද , ප්රදේශයේ ජනතා නියෝජිතයින්ද ප්රදේශයේ ජනතාව ද පරිසර සංවිධාන නියෝජිතයින්ද සහභාගි වූහ.